දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේදී රටට අවශ්‍ය, රට ඉල්ලන ආකාරයේ අධ්‍යාපනයක් ලබාදිය යුතුයි, යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පැවසීය. ඒ මහතා මෙම අදහස් පළකළේ අවිස්සාවේල්ල බටංගල ප්‍රදේශයේ ඉදිකිරීම් සිදුකළ බටංගල තාක්ෂණික විශ්ව විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා ප්‍රකාශකරන ලද්දේ මේ වනවිට ඉදිකිරිම් කටයුතු වලින් 95% ක් පමණ අවසන් වී තිබෙන මෙම විද්‍යාලය ලබන වසරේ පෙබරවාරි මස අවසන් වනවිට සිසු දරු දැරියන්ට ලබාදෙන බවය. . සෑම විටම දරුවන්ට අධ්‍යාපනය ලබාදිමේදී සාම්ප්‍රධායිකත්වයෙන් බැහැරවී රටට අවශ්‍ය, රටේ හෙට දිනට ගැළපෙන ආකාරයේ අධ්‍යාපනයක් ලබාදීමට සැලසුම් කළ යුතුයි , යැයි පැවසීය.
මෙම තාක්ෂණික විශ්ව විද්‍යාලය සඳහා සිසුන් බඳවා ගැනීම ලබන මාසයේදී පුවත්පත් දැන්වීම් මගින් සිදුකිරීමට බලාපොරොත්තු වේ. ඒ සඳහා මෙවර අපොස උසස් පෙළ විභාගයට මුහුණදුන් දරුවන්ට ඉල්ලූම් කළ හැකි අතර මෙම විශ්ව විද්‍යාලය සඳහා රු. කෝටි 800 ක් වටිනා යන්ත්‍රෝපකරණ මේ වනවිට ඇනවුම් කර තබේ.