රටක් විදිහට බලය බෙදීමකට යායුතු බව සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවද, බලය බෙදී යාම නිසියාකාරයෙන් සිදු වී නොමැති බවත් පොත පතට පමණක් සීමා වී ඇති බලය බෙදීමක් පමණක් සිදු වී ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.
13 වන ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් අවශ්‍ය බව මුලින්ම රටට පැවසූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවද අමාත්‍යවරයා පැවසූයේ බදුල්ල - චෙන්කලාඩි මහා මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
වැඩිදුරටක් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද කීවේය.
නිදහස ලැබුණ දා සිට මෙරට සෑම දේශපාලන පක්ෂයක්ම ජාතිවාදය පෙරට දාලා බලය ලබා ගන්න උත්සහ දැරුවා මිස රට ගැන හිතුවේ නැහැ. තිස් අවුරුදු යුද්ධය අවසන් වුනාට ජාතීන් අතර ඇති ප්‍රශ්ණය අදටත් අවසන් වෙලා නැහැ. රටක් විදිහට බලය බෙදීමකට යායුතුයි . 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවට, බලය බෙදී යාම නිසියාකාරයෙන් සිදු වෙලා නැහැ, පොත පතට පමණක් සීමා වෙලා තිබෙන බලය බෙදීමක් පමණයි සිදු වී තිබෙන්නේ .
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මා පිළිගත්තා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය රටට ප්‍රමාණවත් නැහැ කියලා. මහින්ද රාජපක්ෂයි පලමුවෙන්ම කිව්වේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට එහා ගිය බලය බෙදීමක් රටට අවශ්‍යයි කියලා. අපේ රටට නිදහස ලැබෙන විට , අපි බලය බෙදීමකට ගියා නම් , අපේ රට අද ලෝකයේ තිබෙන දියුණුම රටක් වෙනවා. යැයි පැවසීය.