රටේ උතුර හා දකුණු ලෙස වෙනසක් කළ නොහැකි බවත් රටේ ජීවත්වන සියලු දෙනාට රට අයිති බවත් ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පැවැසීය. ඊයේ (23දා) සාම්පූර්හි පැවැති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.
එසේම සිංහල, දමිළ, මුස්ලිම් හා බර්ගර් යනුවෙන් වෙනසක් විය නොහැකි බවත් රටේ සෑම අයෙක්ම බියක් සැකක් නොමැතිව ජීවත්විය යුත් බවත් ඔහු පැවැසීය.ජාතීන් අතර සුහසතාව ඇති කිරීම සඳහා හිටපු ජනපති චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් යුතුව ජනාධිපති කාර්ය සාධක බළකායක් ඇතිකර තිබෙන බවත් ජනපතිවරයා පැවැසීය.
රට නොබෙදා එකම රටක් ලෙස ප්රශ්න විසඳීම රජයේ අරමුණ බවත් ඔහු කීවේය.