විදේශ රැකියාවල නිරතව සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ටද මැතිවරණයකදී ඡන්දය භාවිත කිරීමේ අයිතිය ලබාදිය යුතු බව බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
විදේශ රැකියා බලාපොරොත්තුවෙන් කොරියාවට පැමිණෙන තරුණ තරුණියන් බොහොමයකට දැඩි දුෂ්කරතා සහිත කර්මාන්තවල රැකියා කිරීමට සිදුවන බවත්, එම කර්මාන්ත ශාලා තුළ රැකියාවට එරට තරුණයන්ද නොවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
අද (21දා) කිරුලපනදී පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙසේ පැවසූහ.