රට විනාශ පිරිසකුත් තේරුණා - අර්ජුන
"පාර්ලිමේන්තුවට තේරුණු අය අතරේ මේ රට විනාශ කරපු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම රට ජයග්‍රහණය කිරීමට කටයුතු කළ විශාල කොටසක් පරාජය වෙලත් තියෙනවා. රට ජයග්‍රහණය කිරීමට කටයුතු කළ ඔවුන් පරාජය වුණේ ඇතැම් පිරිස් සංවිධානාත්මකව සිදු කළ දේවල් නිසා බවත් අපි දන්නවා.” යැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
නිමා වූ මැතිවරණයේදී තම ජයග්‍රහණය උදෙසා කැපවූ පාක්ෂිකයින්ට ස්තුතිය ප්‍රකාශ කිරීමේ සුහද හමුවට එක් වෙමින් ඔහු මේ බව පවැසිය.
"අපි එක්සත් ජාතික පක්ෂයත් සමඟ ආණ්ඩුවක් හදන ක්‍රියාවට අත ගැහුවේ ජනවාරි 08 ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යාමට තිබූ අවශ්‍යතාව නිසා. පහුගිය දවස්වල තිබුණ ප්‍රශ්න සියල්ලම විසඳගෙන ඉදිරි වසර පහ සඳහා මේ රට පිරිසිදු නායකයින් දෙදෙනෙකුට භාරදෙන්න අපට හැකි වුණා. ඒ තමුන්නාන්සේලා විශාල කැපවීමක් කළා. නමුත් අමතක කරන්න එපා මේ ජයග්‍රහණයට විරුද්ධව සිටින කණ්ඩායම්වලටත් අද පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වෙලා තියෙනවා. ජාතිවාදය අවුස්සන, රට බෙදන්න හදන කෙසේ හෝ බලය ලබාගන්න හදන ඒ කණ්ඩායම් අද පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා අපි අමතක කරන්න හොඳ නැහැ. මේ ගැන අවධානයෙන් අපි රට ඉදිරියට ගෙනියන්න ඕනා.” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී පැවසීය. අ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

