වර්තමානයේ රට වැරදි දිශාවක ගමන් ගන්නා බැවින් නිවැරදි දිශාව පෙන්වා දීමට තමා අදහස් කළ බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ 'අද' ට පැවසූහ.
තමා පිහිටු වූ ශ්‍රීලංකා ජාතික මහා සභාව මගින් රට යායුතු මග නමින් සකස්කළ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදක්වමින් තමා මේ සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදෙන බවද රතනහිමියෝ පැවසූහ.
උතුරු නැගෙනහිර ප්‍රශ්නයට සැබෑ විසඳුම මෙන්ම පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ගතහැකි විසඳුම්දමෙහිදී ඉදිරිපත් කිරීමට සූදානම් බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
ඒ අනුව ශ්‍රීලංකා ජාතික මහා සභාවේ මංගල රැස්වීම හෙට(28දා) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
මේසම්බන්ධයෙන් අදහස් දක්වමින් රතනහිමියෝ මෙසේද පැවසූහ.
'රට යායුතු මග පිළිබඳව ප්‍රතිපත්ති ලේඛනයක් එළිදැක්වීම මෙහිදී සිදුකරනවා. මේයන පාරේ නොවෙයි රට යායුත්තේ. ඒසඳහා නිවැරදි මඟපෙන්වාදීම මෙහිදී සිදුකරනවා. අධ්‍යාපනය, බලශක්තිය, ප්රජාතන්ත්රවාදය පිළිබඳ කාරණාවලට පිළිතුරු ලෙස ප්‍රතිපත්ති ලේඛනයක් එළිදක්වනවා.
යම් යම් සමාජ සංවිධාන ඇතුළු බොහෝ පිරිසක් ඊට එකතුවනවා' යැයි පැවසූහ.
මෙම අවස්ථාවට ජනාධිපති, අගමැති ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සහභාගීවීමට නියමිතය.