“අපට පේනවා අද රටට යන තත්තවය. එතරම් හොඳ මාර්ගයක නෙමෙයි යන්නේ. අපරාධ වැඩිවෙමින් පවතිනවා. අනතුරු වැඩිවෙමින් පවතිනවා. නීතිය ක්‍රියාත්මක කරලා කටයුතු කිරීම කාගෙත් වගකීම.” යැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
අළුතෑපොල පුරාණ විහාරස්ථානයේ පෙරේදා (31දා) පැවති බෝධිපුජා පිංකමට සහභාගී වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.
“අපි පරාජය වුණා ඒක පිළිගන්න ඕන. ඒ පරාජය සුළුතරය විසින් බහුතරය පරාද කළා කිවුවොත් වැඩිය නිවැරදියි. මොකද අපි පැරදුණේ උතුරු නැගෙනහිර ඡන්ද වලින්.
සමහරු කියනවා අපි ජාතිවාදය අවුස්සන්න හඳනවා කියලා. ජාතිවාදය ඇවිස්සීමක් නෙමෙයි මේ. නමුත් මේ පිළිබඳව අවබෝධයෙක් කටයුතු කිරීම අපේ වගකීමක් වශයෙන් දකිනවා. සමහරු පිරිත් අහන්න එන එක ලොකු කරදරයක් වශයෙන් දකිනවා. මේවා විවේචනය කරනවා.
මම අදහන බුදු දහම අනුව පන්සලට එන එක පාපයක් නෙමෙයි. අනුන්ට ක්‍රෝධ කරන එක, අනුන්ට වෛර කරන එක නැතිකරන්නනම් ඇමතිවරුත් මේ වගේ බෝධි පූජාවලට ගෙන්න ගත්තොත් වඩා හොඳයි.
පළිගැනීමේ චේතනාවෙන් මේ උදවිය කටයුතු කරගෙන යනවා. මේවා නෙමෙයි කළ යුත්තේ. අනුන් ගැන කිය කියා තමන්ගේ නොහැකියාව පෙන්නුම් කරන්නේ නැතිව තමන් රටට දුන්න පොරොන්දු ඉටුකිරිම තමයි ඔවුන්ගේ යුතුකම.”
ඡායාරූප ප්‍රසන්න ජයවර්ධන මහ ඇමති ෆේස් බුක් ගිණුම