රට බෙදීමට හා කැඩීමට තමා පෞද්ගලිකව හෝ තම පෙරමුණ කිසිදු ක්‍රියාවක් සිදු නොකරන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව පැවසීය. රට තුළ සාමය ස්ථාපිත කිරීමට තමා කැපවන බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.
‘‘අපි කා එක්කවත් රහස් ගිවිසුම් ගහලා නැහැ. ගෙවී ගිය කාලයේදී සන්ධානය ප්රචණ්ඩ ක්‍රියා රැසක් කළා. ඒ සියල්ල අපි ඉවසුවා. ඉදිරි දින තුන තුළත් විවිධ ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරන්න ආණ්ඩුව සූදානම් වන බව අපට දැනගන්නට ලැබී තිබෙනවා. ඒ සියල්ල පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට මා ඉල්ලා සිටිනවා’’ යැයි වැඩිදුරටත් පැවසීය.