රට බොහෝ අංශයන්ගෙන් පිරිහීමට ලක්ව ඇති බවත් එම තත්ත්වයෙන් රට බේරා ගැනීම සඳහා පක්ෂ පාට බේදයකින් තොරව සෑම දෙනෙකුටම ආරාධනා කර සහාය ලබාගන්නා ලෙසත් මල්වතු පාර්ශ්වයේ මහා නායක තිබ්බොටුවාවේ ශ්රී සුමංගල හිමියෝ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට පැවැසූහ.
දළදා මාලිගායේ ආගමික වතාවත් සඳහා එක්වීමෙන් අනතුරුව මල්වතු මහ නා හිමියන් හමුවීම සඳහා අග්රාමාත්යවරයා පැමිණි අතර එහිදී අග්රාමාත්යවරයා වෙත අනුශාසනා කරමින් මහ නාහිමියන් ඉහත අදහස් දැක්වූහ.
එසේම අග්රාමාත්යවරයා වශයෙන් විප්ලව දෙකකින් ජයගත්සේම තෙවැනි විප්ලවය වන රට ජයගැනීමේ විප්ලවයද සාර්ථක වීමට ධෛර්යය ලැබේවායි පාර්තනා කරන බවද මල්වතු මහ නාහිමියේ පැවැසූහ.