රට පවතින්නේ බරපතළ අර්බුදයක
ෙදින 100 වැඩපිළිවෙළ මෙරට සිදුකළ අසාර්ථක වැඩපිළිවෙළක් බවත් එය මීට වසර ගණනාවකට ඉහතදී ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින් ඉදිරිපත් කළ වැඩපිළිවෙළක් බවත් රට බරපතළ අර්බුදයකට මුහුණ දී අති බවත් ඊට එරෙහිව කඩිනමින් ජන පවුරක් ඇතිකළ යුතුයි සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ පැවසූහ.
දඹුල්ල උයන්වත්ත රජමහා විහාරයේදී අද (05දා) මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ එලෙස අදහස් දැක්වූහ.
රට ආරක්ෂා කර ගැනීම සඳහා බුද්ධිමතුන්, උගතුන් ඇතුළු රටට ආදරය කරන ජනතාවගෙන් ජන පවුරක් කඩිනමින් සැකසිය යුතු බවත් එසේ නොවන්නේ නම් රටේ හෙට දවසේ විශාල අනතුරකට මුහුණපාන බවත් මෙරට දේශපාලනඥයන් විරුද්ධ පක්ෂයේ සිටියදී කෙසේ හෝ උත්සාහ කරනු ලබන්නේ පවතින ආණ්ඩුව පෙරළා දමා බලය ලබාගැනීම පමණක් බවත් බලයේ සිටින නායකයන් යැයි කියා ගන්නා පිරිස සිදුකරනු ලබන්නේ බලය තහවුරු කරගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට විවිධ වරප්‍රසාද වරදාන තනතුරු ලබා දී බලය ආරක්ෂා කර ගැනීම සඳහා උත්සාහ ගැනීමක් පමණක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් මෙහිදී අවධාරණය කළහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


