වර්තමාන ආණ්ඩුව රට දියුණු කරන්නේ ණය ලබා ගැනීමෙන් නොව විදේශ ආයෝජකයන් මෙරටට කැඳවාගෙන ඒමෙන් සහ දේශීය කර්මාන්ත දියුණු කිරීමෙන් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.
ලංකාව ආරම්භ කර තිබෙනා අලුත් ගමන ඉදිරියට යාම සඳහා ලෝකයේ බොහෝ රටවල් උදව් කිරීමට පෙළඹී සිටින බවත්, මේ අනුව ලංකාව අද වනවිට ජාත්‍යන්තර ලෝකයේ කොටස්කරුවෙකු බවද පවසා සිටියේය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ජර්මන් සහ ඔස්ට්‍රියා සංචාරවලදී රටට විශාල ප්රතිලාභ ප්‍රමාණයක් අත්වී තිබෙන බවත්, මීට අමතරව කෘෂිකර්මාන්තය සහ කිරි කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණයත් මෙරටට ලැබීමට නියමිත බවද රවී කරුණානායක මහතා කියා සිටියේය.