ලංකාවේ පවතින නීතිරීතිවලට අනුව වයස අවුරුදු 05 - 14 අතර ළමයින්ට පෞද්ගලික ආයතන හරහා අධ්‍යාපනය ලබාදිය නොහැකිව තිබියදීත්, රට තුළ ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් 214ක් ඇතැයි තහවුරු වී තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
මේ වනවිට නිකුත් කර තිබෙන විගණන විමසුමකින් මේ පිළිබඳ හෙළි කර තිබෙන බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
1961 අංක 08 දරණ (අතිවිශේෂ) විධිවිධාන පනතේ 25 වැනි වගන්තියට අනුව අවුරුදු 5 සිට 14 දක්වා වයස කාණ්ඩවලට පෞද්ගලික ආයතන මගින් අධ්‍යාපනය ලබාදිය නොහැකි යැයි දන්වා තිබෙන බවත්, එය මෙතෙක් සංශෝධනය කර නොමැති බවත් ඔහු පවසා සිටියේය.
එසේ තිබියදී එක වසරේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබාදෙන පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් රට පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.
මීට අමතරව ගෙවීගිය කාලය තුළ සිදුකළ විගණන විමසුම් 25කට අධ්‍යාපන අමාත්යාංශයපිළිතුරු ලබාදී නොමැති බවට මෙම විගණන විමසුමෙන් හෙළි කර ඇතැයිද හෙතෙම පවසා සිටියේය.
අදාළ විගණන විමසුම් 25 තුළ රුපියල් මිලියන 7413ක මූල්‍යමය වටිනාකමක් සහිත කරුණු ඇතුළත්වී තිබෙන බවද ලේකම්වරයා අවධාරණය කළේය.