පාර්ලිමේන්තුවේ අසුන්ගෙන රට ජාතිය වෙනුවෙන් ඉදිරියටත් සේවය කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ලැබූ ජනවරමට අනුකූලව දිගටම දේශපාලනයේ නිරතවන බව පවසන හිටපු ජනාධිපතිවරයා, නොයෙකුත් අභියෝග මධ්‍යයේ මෙවර මහ මැතිවරණයෙන් ලද ප්‍රතිඵලය නිහතමානීව පිළිගන්නා බව පවසා සිටියි.
නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම මහමැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් ඡන්ද දායකයන්ටත්, ඡන්ද ව්‍යාපාරයේ දිවා රෑ නොබලා වෙහෙසුණු සියලු දෙනාටත් සිය ස්තුතිය පුදකර සිටින බවයි. එමෙන්ම රට ජාතිය වෙනුවෙන් තමා මෙතෙක් කරගෙන ආ සේවය දිගටම කරගෙන යන බවද හෙතෙම තවදුරටත් පවසා සිටියි.