රට කාපු ආණ්ඩුවේ කණ්ඩායම්වලට ගම බාර දුන්නොත් ගම හපයක් බවට පත්කිරීම වළක්වා ගත නොහැකි වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
රට හැදූ පිරිස්වලට ගම බාරදෙන ලෙසට මැතිවරණ වේදිකාවල සඳහන් කරන බවත්, ගෙවීගිය වසර තුන තුළදී රට ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට ලක්වූ බවද එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
ගමත් නගරයත් ගොඩනැගිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් බවත්, මේනිසා මෙවර මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ශක්තිමත් වන ප්‍රතිඵලයක් ලැබෙන බවද පවසා සිටියේය.
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ලක්ෂ 50 කට ආසන්න ඡන්ද ප්‍රමාණයකුත්, මහින්ද රාජපක්ෂ ප්රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායමට ලක්ෂ 48 කුත්, ජනතා විමුක්ති පෙරමුණට ලක්ෂ පහ හමාරකුත් ඡන්ද වශයෙන් ලැබුණු බවත්, මෙවර මැතිවරණයේදී ලක්ෂ 50 හා ලක්ෂ 48 ඡන්ද ප්‍රමාණය අඩුවී ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රමාණය ඉහළ යන බවද සඳහන් කළේය.