ශ්‍රී ලංකාවට සාපේක්ෂව තිබූ රටවල් වර්තමානය වනවිට ශීඝ්‍රයෙන් දියුණු වී තිබෙන බවත්, එහෙත් අප රට එක තැන නැවතී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ජාතික සමගිය නැතිවීම හා ග්‍රාමීය ආර්ථිකය දියුණු නොවීම ඇතුළු කරුණු ගණනාවක් නිසා රටේ ආර්ථිකය පසුබෑමකට ලක්ව තිබෙන බවද පවසා සිටියේය.
මේ නිසා ජාතික සමගිය ඇති කර ග්‍රාමීය ආර්ථිකය දියුණු කිරීමට හා කෘෂිකර්මාන්තය දියුණු කිරීමටත් කටයුතු කරන බව ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශයේ අද (27දා) පැවැති උත්සවයකදී අගමැතිවරයා මේ බව සඳහන් කර සිටියේය.