රට ඉදිරියට ගෙන යෑම සඳහා ජනපති දිවයිනට පැමිණි පසු අලුත් වැඩසටහනක් ඇති කරන බවත්, ඒ තුළින් රජය ඉදිරියට යෑමට අපේක්ෂා කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් පසු මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශීර්වාද ලබාගැනීම සඳහා අද (18දා) මහනුවරට පැමිණි අගමැතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ මහනුවර ඇතිවූවාක් මෙන් අවාසනාවන්ත සිදුවීම් යළිත් ඇති නොවන්නට සාමය හා සංහිඳියාව ශක්තිමත් කිරීමට රජය විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන බවද අග්‍රාමාත්‍ය වරයා මෙහිදී සඳහන් කළේය.
ව්‍යාපෘති ගණනාවක් අවසන් අදියරේ තිබෙන බවත්, තවත් ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර, ආණ්ඩුව ආරම්භ කළ ව්‍යාපෘති ගණනාවක ප්රතිලාභ මෙම වසරේ අත්විඳින්නට ජනතාවට අවකාශ සැලසෙන බවත් අගමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.