විවිධ චෝදනා මත හමුදා බුද්ධි අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම තුළින් හමුදා බුද්ධි අංශ විනාශ කර රට අරාජික තත්වයකට පත්කිරීමේ සුදානමක් ඇති බව ජාතික ලැයිස්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසුහ.
මෙම අත්අඩංගුවට ගැනීම් ගැන ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා දැනුවත්වී නොමැති බවද ජනාධිපතිතුමයි, අගමැතිතුමයි නොදැනුවත්ව කවුද මේ රට මෙහෙය වන්නේ කියල රටේ ජනතාවට දැන් විශාල ප්‍රශ්නයක් පවතින බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ යම් වරදක් ඇත්නම් ඔවුන් ත්‍රිවිධ හමුදා පරීක්ෂණ මණ්ඩලයකට යොමුකිරිම සිදුකළ යුතු බවද රතන හිමියෝ පැවසුයේ අද (07) කොළඹ පැවති මාධ්‍ය