ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දඬුවම් නියම වී ඇති ඝාතකයන්ව නිදහස් කරන ලෙස තමිල්නාඩු රජය කර ඇති ඉල්ලීමක් ඉන්දිය ජනපති රාම් නාත් කෝවින්ද් මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
වරදකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මධ්‍යම රජයේ ස්ථාවරය වෙනස් නොවෙනු ඇතැයි ඉන්දීය ජනපතිවරයා තමිල්නාඩු රජයට දන්වා ඇත.
ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් අනුව ජනපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවත් එය තමිල්නාඩු රජයට දන්වා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය වසර 4ක කාලය තුළදී තමිල්නාඩු රජය වරදකරුවන් නිදහස් කරන ලෙස අවස්ථා දෙකකදී ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇතැත් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබේ.