ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ චෝදනා යටතේ ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වී ඇති වැරිදිකරුවන් හත් දෙනා නිදහස් කිරීමට තමිල්නාඩු රජය තීරණය කර තිබෙනවා.
ඊයේ දිනයේදී ඔවුන් මෙම තීරණය ගෙන තිබෙන අතරම ඒ පිළිබඳව මධ්‍යම රජයේ අදහස කුමක්දැයිද තමින්නාඩු රජය විමසා තිබෙනවා.
ප්‍රථමයෙන් ඔවුන්ට මරණ දඩුවම නියම වුවත් පසුව එය ජීවිතාන්තය දක්වා වූ දඩුවමකට ලිහිල් කර තිබෙනවා.
මෙම චූදිතයන් වසර 24කට ආසන්න කාලයක් සිරගතව සිටිනවා. සිය දඩුවමට එරෙහිව විත්කරුවන් ගොනු කළ පෙත්සමකින් අනතුරුවයි තමිල්නාඩු රජය මෙම තිරණය ගෙන තිබෙන්නේ.
චූදිතයන්ගෙන් සිව් දෙනෙකුම ශ්‍රි ලංකා ජාතියකයන් වෙනවා.