ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වී ජීවිතාන්තය දක්වා සිරගතව දැනට වසර විසිපහක් තිස්සේ බන්ධනාගාරගතව සිටින තම පුතා ඇතුළු චූදිතයන් හයදෙනාට පොදු සමාවක් යටතේ නිදහස ලබාගැනීම පිණිස අත්සන් දසලක්ෂයක පෙත්සමක් ඉන්දීය අගමැතිවරයා වෙත ඉදිරිපත් කිරීමට එක් චූදිතයෙකුගේ මවක් යාපනයේ සිට උත්සාහයක නිරත වෙයි.
දැනට ඉන්දීය බන්ධනාගාරයක සිටින මුරුගන් නැමති චූදිතයා කිලිනොච්චියේ පලෙයි පළාතේ පදිංචි කරුවකු වන අතර ඔහුගේ මව වන වෙට්රිවේල් සෝමනී එම පෙත්සම අත්සන් කිරීම ආරම්භ කොට තිබේ. මෙම අත්සන් දසලක්ෂය ලබාගැනීමට උතුරේ ස්වේච්ඡා සංවිධානද සහය පළකොට ඇත.