සමහර රජ්ජුරුවන් තමන් දෙවියන්ට වඩා උසස් බව හිතූ බවත් ඔවුන්ට වැරදුනේ එතන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. එසේම ඇතැම් පුද්ගලයින් අල්ලස් කොමිසම හමුවට ප්‍රකාශ ලබාගැනීම සඳහා කැඳවූවිට සමහර උදවිය එය දුටුගැමුණු රජ්ජුරුවන් අල්ලස් කොමිසම හමුවට ගෙනියන්නා වූ ආකාරයෙන් කටයුතු කළ බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ස්වාධීන රූපවාහිනී සේවයේ සත්‍යාගාරය වැඩසටහනට ඊයේ (23දා) එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
පුද්ගලික චරිත පසුගිය අවුරුදු 10දී පිම්බූ බවත්, සමහර පුද්ගලයන්ට දැන් සිටින්නේ අලුත් නායකයෙක් බව අමතකව තිබෙන බවත් ඔහු පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය තමන්ගේ බූදලයක් නොවන බවත්, පරාජයේදී පක්ෂය ආරක්ෂා කිරමට කටයුතු කළ බවත් සඳහන් කළ අගමැතිවරයා වර්තමානයේදී සියලු දෙනා එකතු වී තීරණ ගන්නා බවත් සඳහන් කළේය.
දින 100 වැඩසටහන අනුව ජනතාවට දුන් පොරොන්දුවලින් 44ක් ඉටුකර අවසන් බවත්, 52ක් අවසන් අදියරට ළඟවී තිබෙන බවත්, තවත් පොරොන්දු හතරක් දීර්ඝ කාලීන බවත් හෙතෙම සඳහන් කළේය.
2005 වසරේදී හා මහින්ද රාජපක්ෂ මහතා ප්රභාකරන් හා එකතුවී තමන් පාරාජය කළ බවත්, ප්රභාකරන්ගේ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා කේ.පී. තම සමීපයට ගත් බවත් හෙතෙම කීවේය.
මෙහිදී තරමක් අපූරු පිළිතුරක්ද අග්රාමාත්යයර ලබාදුන්නේය,
සන්නස්ගල මහතා - ඇතැම්විට මම හිතනවා ඔබ ලංකාවට ගැලපෙන්නේ නැති දේශපාලකයෙක්ද කියලා. මොකද ලංකාවේ දේශපාලනය ගත්තොත් කැමරා වටකරගෙන මල්වට්ටි අරගෙන පන්සල් යනවා, දරුවන් ඉඹිනවා, මිනිස්සුන්ගේ පිටට තට්ටු දානවා, නමුත් ඔබ දරුවන් වඩා ගන්නේ නෑ. අඩුම තරමේ මේ සංවාදය අවසන්වුණාම ඔබ මගේ පිටටත් තට්ටුවක් නොදමා යාවි.
රනිල් වික්‍රමසිංහ මහතා - එහෙම කරපු (ළමයි වඩාගත්ත, පිටට තට්ටුදාන) නායකයන් දෙදෙනෙක් කියන්න.
හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කොළඹ ලස්සන කිරීමට යම් කිසි වැඩකොටසක් ඉටුකළ බව කී අග්‍රාමාත්‍ය වරයා ඔවුන් ඒවා සිදුකළේ ණය වීමෙන් බවද සඳහන් කළේය. පැල්පත් වාසීන් ඉවත්කළ බවත් එය ප්‍රශ්ණයක් බවත් සඳහන් කළේය.
නව රජයට බස්නාහිර පළාතම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් පවතින බවත් පැවැසීය. අත්‍යාවශය සංශෝධන සම්මත වූ වහාම පාර්ලිමේන්තුව විසුරුවන බ ව සඳහන් කළ අගමැතිවරයා 2001 වසරෙදී මෙන්ම වර්තමානයේත් තමන්ට ලැබී තිබෙන්නේ අසීරු රටක් බවද පැවැසීය. එසේ වුවත් රට ඒ තත්ත්වයෙන් ගොඩගත් බවත් ඔහු සඳහන් කළේය.
පක්ෂයේ අනාගත නායකයා කවුරුන්දැයි යන කළ විමසුමකදී ඔහු සඳහන් කළේ එය ඉදිරියේදී පක්ෂය විසින් තීරණය කරනු ඇති බවයි.
VIDEO