2014 වසරේ සිට වසර තුනක පමණ කාලයක් අනුරාධපුරයේ ප්රධාන පෙළේ සොරකම් හා කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ කොල්ල කල්ලියක නායකයා ඇතුළුව තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අනුරාධපුරයේ එල්.බී. ෆිනෑන්ස් ආයතනයට ඇතුළු වී එහි තිබූ කෝටි 7ක් පමණ වටිනා රන් භාණ්ඩ කොල්ලකෑම මෙම අපරාධ කල්ලියේ ප්රධානම කොල්ල කෑමක් බව පොලීසිය කියයි.