රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට තර්ජනය කිරීම හා රඳවා තබාගැනීමයනචෝදනා යටතේ අත්අඩංගුවට ගත් සිසුන් සිවුදෙනා සහ අද (09දා) අධිකරණයට භාර වූ ශිෂ්‍යයන් 27 දෙනා එක් ශිෂ්‍යයෙකුට රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (09දා) දිනයේ කටයුතු කර තිබේ.
උපකුලපතිවරයාට තර්ජනය කිරීම සහ රඳවා තබාගැනීම යටතේ තවත් ශිෂ්‍යයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මේ වනවිට කටයුතු කරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අදාළ ඇපය ලබාදීම ළඟම ඥාතියෙකු විසින් සිදුකළ යුතු බවට නියෝග කර තිබෙන අතර, ඥාතිත්වය පිළිබඳව ග්‍රාම නිලධාරීවරයාගේ සහතිකය අනිවාර්ය කර තිබේ.