ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂග්රාහීව පවත්වාගෙන ගිය බවට චෝදනා ලැබූ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ (WWW.NEWS.LK) ප්රධාන ක්රියාකරු ලෙස කටයුතු කළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වන මහජන රැස්වීම් සජීවීව විකාශය කිරීම පිළිබඳව රජයේ වෙබ් අඩවියට එරෙහිව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා වෙත පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබුණි. ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා විසින් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල්වරයා වෙත දැනුම්දීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ.