රජයේ ඇතැම් ව්‍යාපෘති කඩාකප්පල් කිරීම සඳහා ඇතැමුන් ව්‍යාජ තොරතුරු පතුරවමින් සිටින බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
තිඹිරිගස්යාය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද(08දා) අමාත්‍යවරයා මේබව කීය.
ඉංජිනේරුවරුන්ගේ නිවැරදි දත්ත ක්‍රියාදාමයන් මත විද්‍යනුකූල ක්‍රමයට රජයේ ව්‍යාපෘති සිදුකරන බවත්, දේශපාලන මතවාද අනුව කටයුතු නොකරන බවත් අතීතයේදී කොළඹ නගරයේ ප්රශ්නය විසඳීමට ඉදිරිපත් වූ සෑම අවස්ථාවකම ඇති වූ විරෝධතා මත එම කටයුතු සිදුකිරීමට නොහැකි වූ බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම කොළඹ මහා නගරයක් කරනවා නම් පරිසර තිරසරභාවය සහිත හරිත නගරයක් විය යුතු අතර, ඒසඳහා රජය විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත්, ව්‍යාජ මතවාදවලට නොරැවටී එයට සහායදෙන ලෙසත් අමාත්‍යවරයා පැවසීය.