රජයේ රෝහල්වල සවස 04න් පසු මුදල් ගෙවා විශේෂඥ වෛද්‍ය සේවා, පරීක්ෂණ හා ශල්‍යකර්ම සිදුකර ගත හැකි ක්‍රමවේදයක් අරඹන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, කොළඹ ජාතික රෝහල සඳහා ඩිජිටල් තාක්ෂණයෙන් යුත් නව MRI යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමේ උත්සවය සඳහා සහභාගි වෙමිනි.
ලංකාවේ රාජ්‍ය රෝහල් පද්ධතිය තුළ ශල්‍ය උපකරණ භාවිත කරන්නේ පැය 08ක් පමණක් වුවද පෞද්ගලික අංශය පැය 24 පුරා ශල්‍ය උපකරණවලින් සේවා පහසුකම් ලබාදෙන බවද අමාත්‍යවරයා පවසා සිටියේය.
මෙම උපකරණවල වලංගු කාලය වසර 03ක් පමණක් බවත්, යන්ත්‍ර අලුත්වැඩියාව සඳහා වසරකට රුපියල් 987ක් පමණ වැයවන බවත් පැවසූ අමාත්‍යවරයා, මේ හේතුවෙන් ශල්‍යාගාර පහසුකම් සහිත රජයේ රෝහල්වල සවස 04න් පසු අඩු මුදලකට විශේෂඥ වෛද්‍ය සේවාවන් ආරම්භ කිරීමට කටයුතු කරන බවද පවසා සිටියේය.
මේ අවස්ථාවට ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.