එකල පෞද්ගලික වෙළෙදුන් ලබා ගත් අබිලි ද්‍රව්‍ය හා ඉවතලන කඩදාසි විකිණීමේ ක්‍රමවේදය අවලංගු කොට වඩාත් විනිවිද පෙනෙන ආකාරයට විවෘත ටෙන්ඩර් ක්‍රමයක් උපයෝගී කර ගැනීමට උපදෙස් ලබා දුන් නිසා පසුගිය මසකට අඩු කාලය තුළ රුපියල් ලක්ෂ 35 කට වැඩි ලාභයක් උපයා ගැනීමට රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ න සමත්ව තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා අවධාරණය කරයි.
සේවක අසමගිය හා අප්‍රසාදය වර්ධනය වන ලෙස විවිධ චක්‍ර ලේඛණ පෙන්වමින් ලැබිය යුතු සහන දීමනා නොදීමට කටයුතු නොකරන බවත් රාජ්‍ය ආයතන තුළ දූෂණ, වංචා හෝ පළිගැනීම්වලට යහපාලන රජයේ ඉඩක් නොමැති බවත්. අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුෙය් බොරැල්ල පිහිටි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවට එක්ෙවමිනි.