රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ආචාර්ය රංග කලන්සූරිය මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
අද (29දා) පෙරවරුවේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට බාරදී ඇති බවත් පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවත් වාර්තා වෙයි.
එසේම ඔහුට ඉදිරියේදී නව තනතුරක් ලැබීමට නියමිත බවත් වාර්තා වෙයි.විදේශ ගතව සිට රංග කලංසූරිය මහතා ඊයේ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. නැවතත් ඔහු හෙට විදෙස් ගතවීමට නියමිත බව වාර්තාවෙයි.