රජයේ ඉඩම්වල ඉඩම් සංවර්ධනය කර වගා කටයුතු කරමින් දීර්ඝ කාලයක් එහි ජීවත්ව සිටින පදිංචිකරුවන්ට කඩිනමින් හිමිකම් පත්‍ර ලබාදීමේ ප්‍රායෝගික වැඩසටහනක් ඉඩම් අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවා තිබේ.
ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව මෙම වැඩසටහන පැවැත්වෙන අතර, මෙම නියාමන වැඩසටහන අනිද්දා (14දා) බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ වතුරවිල ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී පැවැත්වේ.
මෙහි ප්‍රථම පියවර යටතේ රෑකඩහේන, තිබ්බොටුවාව, වතුරවිල, කහදූව හා අම්බන ග්‍රාමසේවා වසම්වල ජීවත්වන ජනතාවගේ ඉඩම් ගැටලු වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.