සයිටම් සිසුන්ට සාධාරණය ඉටුවන පරිදි රජය වහාම ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන සයිටම් ආයතනය අහෝසි කර දැමීම කඩිනම් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
සයිටම් ආයතනයේ උපාධිය සම්පූර්ණ කළ බව කියන සිසුන් 80 දෙනාටද, එම ආයතනයේ ඉගෙනුම ලබන 800ක් වූ සිසුන්ටද ලබාදිය යුත්තේ එකම විසඳුම බවද එම සංගමයේ ලෙක්ම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (05දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
එම විසඳුම වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පිළිගන්නා ආයතනයකින් වෛද්‍ය උපාධිය ලබාදීම බවද ඔහු පවසා සිටියේය.
වෛද්‍ය සභාව පිළිගන්නා වෛද්‍ය උපාධිය පිරිනමන පෞද්ගලික ආයතන නොමැති නිසා මෙම පිරිසට කොතලාවල වෛද්‍ය පීඨයෙන් හෝ නැගෙනහිර වෛද්‍ය පීඨයෙන් උපාධිය ලබාදිය යුතු බවට රජයට යෝජනා කරන බවද හෙතෙම පවසා සිටියේය.