විරෝධතා ඇති කරමින් රජය බියට පත් කිරීමේ කුමන්ත්‍රණයක් කි‍්‍රයාත්මක වෙමින් තිබෙන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. පරාජිත දේශපාලන කණ්ඩායම් ජනතාව උපක්රමශීලීව පොලඹවා ගනිමින් රජයට එරෙහි මෙම කඩා කප්පල්කාරී සැලසුම් දියත්කරමින් සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙම විරෝධතා පාලනය කිරීම රාජපක්ෂ න්‍යාය යොදා නොගන්නා බවත් එම විරෝධතා දෙසම බලා සිටීමේ න්‍යායක් වත්මන් රජය අනුගමනය නොකරන බවත් අමාත්‍යවරයා කීවේය.
පසුගිය සමයේ රතුපස්වල, කටුනායක, හලාවත යන ප්‍රදේශවලින් සාධාරණය ඉල්ලා නැගුණු විරෝධතාවලට එල්ල වූ වෙඩි ප්‍රහාර අමතක කළ නොහැකි බවත් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. එබැවින් අවස්ථාවාදී දේශපාලන කණ්ඩායම්වල කුමන්ත්‍රණ පසුපස පියවර මනින්නට කාලය නොමැති බවත් කාලය සමග එම විරෝධතා හා කුමන්ත්‍රණ යටපත් වී යන ආකාරය ඉදිරියේදී දකින්නට ලැබෙනු ඇති බවත් හෙතෙම කියා සිටීයේය. අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවැසුවේ මහකුඹුක්කඩවල, කොට්ටුකච්චිය ප්‍රෙද්ශයේ පැවති උත්සවයකදිය.