රජයේ බදු ප්‍රතිපත්තිය විය යුත්තේ ඇති හැකි අයගෙන් ලබාගෙන නැතිබැරි අයට ලබාදීම බවත්, එහෙත් සිදු කරමින් තිබෙන්නේ නැතිබැරි ජනතාවගෙන් බදු අයකර ආණ්ඩුව පවත්වාගෙන යාම බවත් ජනතාවිමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එසේ සිදුකරමින් සිටින ආණ්ඩුව මාස දෙකක් තුළ නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන බවට ප්‍රකාශ කර තිබෙන බවත්, ඒ හරහාද ජනතාවට බදු පිටබදු පැටවෙන බවත් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.
ආණ්ඩුවට සල්ලි නොමැති නිසා නව බදු පනතක් ගෙනැවිත් ජනතාවගේ මුදල් මංකොල්ල කෑමට සැරසෙන බවත්, සියලුම ජනතාව මෙම කොල්ල කෑමට එරෙහිව පෙළ ගැසියයුතු බවත් අද (20දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය.