වත්මන් රජය විසින් මේ රටට ගෙන එන පනත් පරාජය කිරීමට එකාබද්ධ විපක්ෂය කටයුතු කරන බවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මාර්තු 30 වැනි දින ගැසට් නොකළහොත් ඒකාබද්ධ විපක්ෂය විසින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ප්‍රධාන මාර්ග වලට බස්සවා රටේ දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකරන බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
වසරක් තුළ මේ රටේ ආර්ථිකය, ඉතිහාසයේ කවරදාකටත් වඩා පහත වැටෙමින් පවතින බවද දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුයේ මහජන එක්සත් පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අමතමිනි.