සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමයේදී රතිඤ්ඤාවල උග්‍ර හිඟයක් ඇති වන බවත්, මේ අනුව මිල ඉහළ යෑමක් සිදුවන බවත් රතිඤ්ඤා නිෂ්පාදකයෝ පවසති.
රජය මගින් ගිනිකෙළි කර්මාන්තය සඳහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ආනයනය කර බෙදා හැරියද, මෙවර ගෙන්වා ඇති 'වෙඩි ලුණු' ලෙස හඳුන්වනු ලබන 'පොටෑසියම් නයිට්රේට්' නම්, රසායනික ද්‍රව්‍ය ප්‍රමිතියෙන් බාල වීම නිසා දැනට මාස දෙකකට වැඩි කාලයක් ගිනිකෙළි කර්මාන්ත ශාලාවලින් සියයට අනූවකට වඩා වසා ඇති බවත්, දහස් ගණනක් සේවකයන්ට රැකියා සම්බන්ධෙයන් ගැටලු මතුව ඇති බවත් ශ්‍රී ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා ගිනිකෙළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සේන දයානන්ද මහතා මේ සම්බන්ධයෙන් පවසා සිටියේ, ගිනිකෙළි නිෂ්පාදනයට අවශ්‍ය රසායන ද්‍රව්‍ය රජයේ සමාගමක් මගින් ආනයනය කර බෙදා හරින නමුත් මෙවර ගෙන්වා ඇති වෙඩි ලුණු ප්‍රමිතියෙන් බාල වීම නිසා කර්මාන්තවලින් සියයට අනූවක්ම වසා දැමීමට සිදු වූ බවත්, මේ අනුව දහස් ගණනකයේ රැකියා අහිමි වී ඇති බවත්ය.
මෙලෙස ආනයනය කර ඇති බාල වෙඩි ලුණු පරීක්ෂා කිරීම සඳහා කර්මාන්ත ශාලාවලට ලබා දුන්නද, එම රසායන ද්‍රව්‍ය අනෙකුත් රසායන ද්‍රව්‍ය සමග මිශ්‍ර වීමේදී රත් වීම මෙම කර්මාන්තය තුළ අනතුරුදායක බැවින් එම රසායන ද්‍රව්‍ය භාවිත කිරීම නවතා දමා ඇති බවත්, ඒ හේතුවෙන් කර්මාන්ත ශාලාවලින් සියයට අනූවක්ම වසා දැමීමට සිදුව ඇති බවත් දයානන්ද මහතා පැවසීය.
රජය මගින් ආනයනය කරන ලද පොටෑසියම් නයිට්රේටි නම් වන වෙඩි ලුණු ප්‍රමිතියෙන් බාල වීම නිසා එම රසායන ද්‍රව්‍ය ආපසු යැවීමට සිදුව ඇති බවත්, ඒ වෙනුවට ප්‍රමිතියෙන් යුත් රසායන ද්‍රව්‍ය නැවත ලැබීම ප්‍රමාද වීම නිසා කර්මාන්ත ශාලා වැසීමට සිදුව ඇති ඇති බවත් පැවසූ ඒ මහතා, ඇතැම් රසායන ද්‍රව්‍යවල මිල රජය මගින් සියයට 50කට වඩා වැඩිකර තිබීම නිසාත් මෙලෙස රතිඤ්ඤා මිල ඉහළ යෑමටත්, හිඟයක් ඇති වීමටත් බලපා ඇතැයි පැවසීය.
මොහාමඩ් ආශික්