හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අයට වසර 3 1/2ක් පුරා ආරක්ෂාව සැලසූ නාවික හමුදා නිලධාරීන් භාවිත කළ තොරතුරු පොත්, ඔවුන්ගේ නිවාඩු ලේඛන ආදිය ලබාගෙන රගර් ක්රීඩක මොහොමඩ් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළව පරීක්ෂණ සිදුකරන බව රහස් පොලීසිය කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
රගර් ක්රීඩක මොහොමඩ් තාජුඩීන් නමැත්තා ඝාතන සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව සිදුකරන ලද පරීක්ෂණවල ප්රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලීසිය මේ බව දැනුම් දුන්නේය.
ජනවාරි මස පළමුවැනිදා සිට 2015 මැයි මස 30 වැනිදා දක්වා වසර 3 1/2ක් පුරා ආරක්ෂාව සැලසූ නාවික හමුදා නිලධාරීන් භාවිත කළ තොරතුරු පොත්, ඔවුන්ගේ නිවාඩු ලේඛන ආදිය ලබාගෙන පරීක්ෂණ සිදුකරන බවද දැනුම් දුන් රහස් පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදුකර දැනුම් දීම සඳහා තමන්ට කල් ලබාදෙන ලෙසද මහේස්ත්රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවල ප්රගතිය ලබන ජුනි මස 29 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළ මහේස්ත්රාත්වරයා මෙම පැමිණිල්ල එදින යළි කැඳවීමටද නියම කළේය.
මනෝප්රිය ගුණසේකර