උතුරු නැගෙනහිර පළාත් දෙකට අයත් වවුනියාව, මන්නාරම හා අම්පාර දිස්ත්රික්කවල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිත ප්ර‘දේශ 17 ක වනාන්තර එළිපෙහෙළි කරමින් තිබෙන බව පරිසර සංරක්ෂණභාරය සඳහන් කරයි.
මේ අනුව කරඩික්කුලි, කරුන්කාලිපුරම්, මඩුපාර, පුවරසන්කුලම්, කුලාමරිප්පු, නාගන්චෝලෙයි, ඉරසෙන්තිරම්කුලම්, වඩකාඩු, කාකේනිකුලම්, පෙරියමඩු, ඔඩ්ඩුසුඩාන්, මුහුදුබඩපත්තු, කාරඩික්කුලි, සාලම්බයිකුලම්, සුදුවෙත්තකුලම්, කුඹුක්කන, බක්මිටියාව-තිබිරිගොල්ල යන වන භූමිවල කැලෑ ඉඩම් විනාශ කර දමමින් තිබෙන බවද එම සංගමයේ අධ්යක්ෂ සජීව චාමිකර මහතා සඳහන් කළේය.
මෙම වනාන්තරවල මේ වනවිට අක්කර 16,500කට අධික ප්රමාණයක් එළිපෙහෙළි කර තිබෙන බවට තහවුරු වී තිබෙන බවත්, එම එළිපෙහෙළි කිරීම්වලට අනුව වැඩිම කැලෑ ප්රමාණයක් එළිපෙහෙළි කර තිබෙන්නේ කරුන්කාලිපුරම් වනරක්ෂිතයේ බවත් ඔහු පවසා සිටියේය. එම රක්ෂිතයේ අක්කර 5000 ක් පමණ එළිපෙහෙළි කර ඇතැයිද සජීව චාමිකර මහතා කියා සිටියේය.