ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂක සේවා සඳහා නැව් සමාගම්වල සේවයේ යොදවා ඇති රක්නා ලංකා සමාගමේ මුහුදු ආරක්ෂක නිලධාරීන්ගේ ජනවාරි මස වැටුප මේ වනවිටත් ගෙවා නොමැති බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි.
කම්කරු හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
නමුත් ඔවුන් සේවය කරන නැව් සමාගම්වල නියෝජිතයන් විසින් අදාළ සේවකයන්ගේ වැටුප රක්නා ලංකා සමාගමට ගෙවා ඇති බව දැනුම් දී ඇතැයිද,
මෙලෙස සේවක වැටුප් රඳවා තබාගනිමින් සිටීම වංචා සහගත බැවින් එම සේවකයන්ගේ වැටුප් වහාම ගෙවාදැමීමට මැදිහත් වන ලෙසද හෙතෙම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.