පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩි කළ රුපියල් 100000ක දීමනාව හා පාර්ලිමේන්තුවේ එක් සැසියකට එක්විම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් වැඩි කළ රුපියල් 2500ක දීමනාවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
තමන් එම වැඩි කළ මුදල් ලබානොගන්නා බව ඔහු කතානායක කරු ජයසූරිය මහතාට ලිපි දෙකක් මගින් පවසා තිබේ. අධික ණය බරක් පවතින අවස්ථාවේදී ජනතාව විශාල කැපවීමක් කරන බවත් ඒ අනුව මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ද එම කැපවීම සිදුකළ යුතු බවත් අමාත්‍යවරයා කියයි.