බූන්දල ජාතික වනෝද්‍යානයට මායිම්ව පිහිටි ඉක්කපල්ලම ප්‍රදේශයේදී රංචුවෙන් මඟ හැරුණු වන අලි පැටියෙක් ප්‍රදේශවාසීන්ට හමුවීමෙන් පසු වනජීවී නිලධාරීන් භාරයට ගෙන උඩවලව ඇත් අතුරු සෙවනට ඊයේ (17දා) දහවල් භාරදුන් බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක නිලධාරී විජය කුමාර මහතා සඳහන් කළේය.
වයස අවුරුදු තුනක් පමණ වන අලි පැටියා නිරෝගීමත්ව සිටින බවත්, කැලයේ වන අලි රංචුවෙන් මඟ හැරී ඉක්කපල්ලම ගම්මානය දෙසට තනිවම පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසින් දැක ඒ සම්බන්ධව වනජීවී නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු වනජීවී නිළධාරීන් අලි පැටියා නිරුපද්‍රිතව අල්ලා උඩවලව ඇත් අතුරු සෙවනට භාරදීමට කටයුතු කල බව විජය කුමාර මහතා පැවසීය.
බූන්දල ඉක්කපල්ලම ප්‍රදේශය නිරන්තරයෙන් වන අලින් ගම්වදින ප්‍රදේශයක් වන හෙයින් අලි පැටියාගේ මව කිසියම් අනතුරකට පත්වන්නට ඉඩ ඇතැයි වනජීවී නිලධාරීහු සැකකරති.