රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතාගේ පුතා පැදවූ කැබ් රථයක් අනතුරකට ලක්ව තිබේ. හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණියේදී මෙම අනතුර සිදුව ඇති අතර කැබ් රථය නිවසක් තුළට ගමන් කර ඇත.
අනතුරින් තුවාල ලැබූ යශෝධ රංගෙ බණ්ඩාර හා තවත් තරුණයෙක් හලාවත රෝහලට ඇතුළත් කර ඇත. අනතුරින් නිවසට දැඩි හානි ඇතිව තිබේ.
අද අලුයම මෙම අනතුර සිදුව තිබේ. නිවෙස් හිමියා සඳහන් කරන්නේ තමන්ට වන්දියක් ගෙවන තෙක් කැබ් රිය ඉවත් කර ගැනීමට ඉඩ නොදෙන බවයි.
මෙම කැබ් රිය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා කලින් කටයුතු කළ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයට අයත් බටටද පරීක්ෂණවලින් හෙළිව ඇතැයි සඳහන්ය.