වසර පහක කාලයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුමකින් එහි රඳවා සිටි රැඳවියන් විසිහත්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කොට සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයා සහ බන්ධනාගාර අධිකාරීවරයා ලබන මස 08 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ්භාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (24දා)නියම කළේය.
වසර පහක කාලයකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ගැටුමකින් එහි රඳවා සිටි රැඳවියන් විසිහත්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් මෙම සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කොට රිමාන්ඩ් බාරයට පත් කොට සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවා නමැත්තන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලදී.