වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා නැවතත් එළැඹෙන 14 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.