මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) මගින් පවත්වන පරීක්ෂණයෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නාවික හමුදාවෙන් අදාළ පරීක්ෂණ ආරම්භ කරන බවත්, මේ වනවිට ඔහු වැඩ තහනමකට ලක්කර ඇති බවත් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (27දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.නාවික හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස බැඳෙන අවස්ථාවේදී අදාළ සුදුසුකම් පරීක්ෂාකර තිබේද යන්න සහ ඔහුගේ විදේශ ගමන් සම්බන්ධ කාරණා දෙකක් යටතේ පරීක්ෂණ පැවැත්වෙන බව ජයවීර මහතා මෙහිදී අවධාරණය කළේය.
මේ වර්ෂයේ පෙබරවාරි 22 වැනිදා සිට යෝෂිත රාජපක්ෂ මහතාගේ වැඩ තහනමකට ලක්කර ඇති බවත්, මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන පරීක්ෂණයෙන් අනතුරුව අදාළ පරීක්ෂණ සිදුකරන බවත් හෙතෙම කියා සිටියේය.