සී.එස්.එන්. නාළිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන කඩුවෙළ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ් පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු සිවුදෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය තීන්දු කළේය.
ඒ ඔවුන් ගොනු කළ පෙත්සමක් සලකා බලමිනි. නඩුවට මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සී.එස්.එන්. ප්‍රධාන විධායක නිශාන්ත රණතුංග මහතා ඇප නොලැබිණ.
එක් අයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් හා රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප දෙකක් මත ඔවුන්ට ඇප නියම වූ අතර සැකකරුවන්ට විදෙස් ගමන්ද තහනම් කළේය.
ඇප නියම කළ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයියන්තුඩුව මහතා ප්‍රකාශ කළේ පරීක්ෂණ සඳහා අවශ්‍ය සහාය සැකකරුවන් විසින් ලබාදිය යුතු බවයි.