මුදල් විශුද්ධිකරණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
තමාව අත්අඩංගුවට ගැනීම හරහා මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවත් එහෙයින් ඇප මත නිදහස් කරන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට නියෝගක් නිකුත් කරන ලෙසත් සඳහන් කරමින් යෝෂිත වෙනුවෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
පොලිස්පති, පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරීන් ඇතුළු 12 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.