හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතා, මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයට පත්කරන ලෙස ඉල්ලීම් කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කරතිබේ.
බී.බී.සී. සංදේශයට අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ ලුතිනන් යෝෂිත ඒ පිළිබඳව වන ඉල්ලීම් ජනපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට යොමුකර තිබෙන බවයි.
එසේම ඔහුට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කළ පැමිණිල්ල අනුව නාවුක හමුදාපති සමග එක්ව පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබේ..