හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඊයේ (10දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් විදෙස්ගත වී ඇති බව වාර්තා වෙයි.
මේ පිළිබඳව ඔහුගේ සොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් %අද^ පුවත්පත කළ විමසීමේදී ඔහු කියා සිටියේ යෝෂිත රාජපක්ෂ විදෙස්ගත වීම සත්‍යයක් බවත්, ඔහු දින කිහිපයක සංචාරයක් සඳහා විදෙස් ගතවී ඇති බවත්ය.
ඔහුගේ විදෙස් ගතවීම නාවුක හමුදාවට ලිඛිතව දැනුම්දී නිල වශයෙන් නිවාඩු අනුමත කරගෙන ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එම සංචාරය යෝෂිත රාජපක්ෂගේ පෞද්ගලික කටයුත්තක් වෙනුවෙන් සිදුවූවක් බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියේය.