නාවික හමුදාවේ ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව කරුණු 13 ක් යටතේ චෝදනා ඉදිරිපත් වී තිබියදී පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස් ගතවීමටඔහුට නිවාඩු අනුමත කිරීම බලවත් වරදක් බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මේ පිළිබඳව තමා සහ මන්ත්‍රී සුනිල් වටගල ඇතුළු කණ්ඩායමක් ආරක්ෂක ලේකම්වරයාට ජනවාරි මස 25 දින චෝදනා බාර දුන්නද ඒ පිළිබද නිසි විමර්ශනයක් සිදුවී නොමැති බවත්,මේපිළිබඳ කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නලින්ද ජයතිස්ස මහතා ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා සිටියි.