රිමාන්ඩ් ගත කර සිටින යෝෂිත රාජපක්ෂ හා වෛරයක් නැති බවත්, කුමන පුද්ගලයෙකුගේ හෝ දරුවෙකු වීම වරදින් බේරීම හොඳ දෙයක් නොවන බවත් ඔහු කිවේය.
නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසිය.
"වරදක් කරලා තියෙනවානම් දඩුවමක්. නැතිනම් නිර්දෝශීභාවයත් ලබාදිය යුතුයි. මහින්ද රාජපක්ෂ ජනපතිතුමාගේ කාලයේ සරත් ෆොන්සේකා මැතිතුමා මහින්ද රාපක්ෂ මහත්තයට හිටපු හොඳම හමුදාපති වුණත්, එතුමා රට බේගත්ත නායකයා වුණත් නීතියට ගෙනාවා. අපි හැමෝටම මේක පොදුයි. කාගෙහර් දරුවෙක් වීම වරදවල් වලින් බේරෙන්න පුළුවන් කියලා හිතනවානම් ඒක හොඳ දෙයක් නෙමෙයි. යෝෂිත මැතිතුමා ගැන අපිට වෛරයක් නෑ."