සී.එස්.එන් නාලිකාවේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවයක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන සිටින යෝෂිත රාජපක්ෂ රොහාන් වැලිවිට හා නිශාන්ත රණතුංග යන ඇතුලු පස්දෙනා ලබන විසිපස්වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත්වරයා අද (11) නියෝගකළේය. අද (11) දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මියද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට පැමිණ සිටියහ.